ජීවයට හිතකර අලුත් ග්‍රහලෝකයක් හමුවේ

Monday, 05 February 2024 - 7:20

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් වන \'සුපර් අර්ත්\' පිළිබඳ සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබෙනවා.

මෙම නව ග්‍රහලෝකය \"TOI-715 b\" ලෙස නම් කර ඇති අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙය රතු පැහැති කුඩා තාරකාවක් වටා පරිභ්‍රමණය වන බවත් ඒ සඳහා දින 19ක් වැනි කාලයක් ගත වන බවත් වාර්තාවනවා.

විශාලත්වය පෘථිවිය මෙන් එකහමාරක පමණ ප්‍රමාණයක් වන මෙම ග්‍රහලෝකය සම්බන්ධයෙන් නාසා ආයතනය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.