ශාරුක් ඛාන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

Wednesday, 07 February 2024 - 22:57

%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනූ ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය කළඹා තිබෙනවා.

ඒ ඔහු සිය පුත්‍රයා සමඟ පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ආකාරයයි.

මෙම වීඩියෝව ශාරුක්ගේ අසල්වැසියෙක් විසින් සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.

එහි ඇති විශේෂත්වය වන්නේ එම වීඩියෝව සඳහා බොහෝ දෙනා ප්‍රතිචාර දක්වන නිසයි.

බොහෝ දෙනා පවසන්නේ අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔහු සිය පවුල වෙනුවෙන් කාලය වෙන් කිරීම කෙතරම් සොදුරුද යන්නයි.

ඇතැම් අදහස්වල සඳහන් වෙන්නේ \'\'රොනාල්ඩෝ නැත, මෙසී නැත, ශාරුක්\'\' පමණි යන්නයි.