BAFTA උළෙලේ වැඩිම සම්මාන Oppenheimer චිත්‍රපටයට

Monday, 19 February 2024 - 14:43

BAFTA+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+Oppenheimer+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන උළෙල 77 වන වරටත් ඊයේ (18) ලන්ඩනයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සඳහා හොලිවුඩ් තරු, චිත්‍රපට නිෂ්පාදකයින්, මෙන්ම ප්‍රභූන් රැසක් සහභාගීව තිබෙනවා.

Oppenheimer චිත්‍රපටිය රාත්‍රියේ වැඩිම සම්මාන දිනා ගත් අතර, Poor Things චිත්‍රපටය සම්මාන පහක් දිනාගෙන තිබෙන බව සඳහන්.

American Fiction, The Zone of Interest සහ The Holdovers අනෙකුත් ජයග්‍රාහකයින් අතර වෙනවා.

මේ අතර \"Barbie\", “Maestro” සහ “Killers of the Flower Moon” වැනි චිත්‍රපට, සම්මාන සඳහා වන නිර්දේශිත නාම අතරට පමණක් එක්වූවා.