ඌරු මස් ‍රසැති කෝපි පානයක් චීනයෙන්

Wednesday, 21 February 2024 - 12:16

%E0%B6%8C%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
චීනය විසින් චන්ද්‍ර අලුත් අවුරුද්ද සනිටුහන් කරමින් ඌරු මස් ‍රසැති කෝපි වර්ගයක් හඳුන්වා දී තිබෙනවා.

ලෝක ප්‍රසිද්ධ කෝපි අවන්හල් ජාලයක් විසින් මෙය හඳුන්වා දී ඇති අතර “Abundant Year Savory Latte\'\' ලෙසින් මෙම නව පානය නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Pork Flavor Sauce වර්ගයක්, කෝපි සහ කිරි මිශ්‍ර කර මෙම කෝපි පානය සාදනු ලබන බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඌරු මස් රසැති මෙම කෝපි පානයෙහි මිල යුවාන් 68 වන අතර එය ඩොලර් 9.45ක් වන බවයි.