ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය වන Grand Theft Auto 6 (GTA 6) ක්‍රීඩාව සඳහා වන පූර්ව ඇණවුම් (Pre-orders) ලොව පුරා නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
මේ වසරේ වඩාත්ම අපේක්ෂිත වීඩියෝ ක්‍රීඩාව වන GTA 6, ලබන නොවැම්බර් 19 වනදා PlayStation 5 සහ Xbox Series X/S කොන්සෝල සඳහා නිකුත් කිරීමට නියමිතයි.
ඒ අනුව, GTA 6 හි Standard සහ Premium ලෙස සංස්කරණ දෙකක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අනුව, Standard සංස්කරණය $79.99ක් වන අතර Premium සංස්කරණය $99.99ක් වෙන බවයි Rockstar සමාගම නිවේදනය කළේ.
මීට පෙර 2013 වසරේදී GTA 5 නිකුත් වන විට එහි මූලික සංස්කරණය ඩොලර් 59.99ක් වූ අතර, සාමාන්‍යයෙන් අනෙකුත් දැවැන්ත ක්‍රීඩාවල මිල ඩොලර් 70ක් පමණ වෙනවා.
කෙසේ වෙතත්, රසිකයන් පවසන්නේ ඩොලර් 10ක මෙම මිල වැඩිවීම දරාගත හැකි වුවද, ඉදිරියේදී ඩොලර් 80 සීමාව සාමාන්‍ය මිලක් බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බවයි.
නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ (NYU Ste) ක්‍රීඩා ව්‍යාපාර පිළිබඳ මහාචාර්ය ජූස්ට් වැන් ඩ්රූනන් (Joost van Dreunen) පෙන්වා දෙන්නේ මෙය උපරිම පාරිභෝගිකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් Rockstar සහ එහි මව් සමාගම වන Take-Two විසින් අනුගමනය කළ ඉතා බුද්ධිමත් මිල උපායමාර්ගයක් බවයි.
විශ්ලේෂකයින් පවසන්නේ GTA 6 යනු ලොව මෙතෙක් නිෂ්පාදනය කළ මිල අධිකම වීඩියෝ ක්‍රීඩාව විය හැකි බවයි.
Rockstar සමාගම නිවේදනය කළ පරිදි, මෙවර GTA 6 හි භෞතික පිටපත් (Physical Copies) ලෙස වෙළඳපොළට පැමිණෙන කිසිදු සීඩී තැටියක් (Disc) අඩංගු නොවන අතර, ඇතුළත් වන්නේ ක්‍රීඩාව ඩිජිටල් ලෙස බාගත කරගැනීම සඳහා වන කේතයක් (Digital Download Code) පමණයි.
නිදහස් මාධ්‍යවේදිනියක වන වික් හුඩ් (Vic Hood) පවසන්නේ, ක්‍රීඩාවේ මිල සාධාරණ වුවද තැටියක් නොමැති වීම භෞතිකව තැටි එකතු කරන්නන් (Physical Collectors) කනස්සල්ලට පත්කරන කරුණක් බවයි.
මූලාශ්‍රය - බීබීසී

Latest News
තලල්ලේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ ගණන 40 දක්වා ඉහළට: 25ක් මාතර මහ රෝහලට
Local
26 June 2026
ඔස්ට්‍රේලියාව සහ පැරගුවේ තරගය ගෝල රහිතව සම වෙයි
Local
26 June 2026
අමෙරිකාව පරදා තුර්කිය ජය ලබයි
Local
26 June 2026
තලල්ලේදී මගී බස් රථ 2ක් ගැටී 12කට අධික පිරිසක් රෝහලට
Local
26 June 2026
මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන ඇරඹේ
Local
26 June 2026
වෙනිසියුලාවේ භු කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුට උදව් කළ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ OIC අත්අඩංගුවට
Local
26 June 2026
පළාත් කිහිපයකට විටින් විට වැසි; ප්‍රදේශ රැසක තරමක තද සුළං
Local
26 June 2026
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ වෙඩික්කරු ‘මාටියා’ මෙරට ආරක්ෂක අංශ භාරයට
Local
26 June 2026
GTA 6 පූර්ව ඇණවුම් ඇරඹෙයි : සීඩී තැටියක් වෙනුවට ඩිජිටල් කේතයක් සමඟින් එන Rockstar අලුත් විප්ලවය
Local
26 June 2026