පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් පිත්ත අතට ගනී

Wednesday, 06 June 2018 - 19:29

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් සුලු වේලාවකින් ආරම්භ වනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ.

අද තරගයේදී ඩෙවෝන් ස්මිත්, ක්‍රෙග් බ්‍රෙත්වෙයිට්, කිරින් පවෙල්, ශයි හෝප්, රොස්ටන් චේස්, ශේන් ඩොව්රිච්, ජේසන් හෝල්ඩර්, දේවේන්ද්‍ර බිෂු, කිමා රොච්, මිගුල් කමින්ස් සහ ශෙනොන් ගේ‍්‍රබ්‍රියල් අද කොදෙව් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

වසර 3 කට පසු කොදෙව් කණ්ඩායමට ඩෙවෝන් ස්මිත් කැඳවා තිබීම විශේෂත්වයක්.

කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ සහ ලහිරු කුමාර අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.

තරගය පැවැත්වෙන්නේ ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදීයි.