කුක් සංගක්කාර අභිබවා යද්දී ඇන්ඩර්සන් පෙරමුණට පැමිණෙයි

Wednesday, 12 September 2018 - 13:46

%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරඟාවලිය 4ට 1ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වුණා.

ඒ දෙරට අතර ඊයේ (11) නිමාවට පත් වූ පස්වන සහ අවසන් ටෙස්ට් තරඟය ද එංගලන්තය ජයග්‍රහණය කරමින්.  

ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟය එංගලන්ත හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක්ගේ අවසන් ජාත්‍යන්තර තරඟය වීම ද විශේෂත්වයක්.

ඔහු එහිදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අභිබවා ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 05 වන ස්ථානයට පැමිණියා.

මීට අමතරව මෙම තරඟාවලියෙන් අනතුරුව එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ද වාර්තා අතරට එක් වුණා.

ඒ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ දැමූ වේග පන්දු යවන්නා බවට පත්වෙමින්.

ඒ අනුව ඇන්ඩර්සන් මේ වන විට  ජාත්‍යන්තර ටෙස්ට්  කඩුලු 564ක් දවාගෙන ඇති අතර මීට පෙර එහි පෙරමුණ ගෙන සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැග්‍රාත්.

ඒ ටෙස්ට් තරඟ 124කදී කඩුලු 563ක් දවාගනිමින්.