වනිදු තවදුරටත් අබුඩාබි ටී ටෙන් තරගාවලියේ ස්ථානය රැකගනියි

Wednesday, 06 October 2021 - 13:07

%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%A7%E0%B7%93+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
අබුඩාබි, ටී - ටෙන් පන්දුවාර දහයේ තරගාවලියේ පස්වන කලාපය සඳහා තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිඩක වනිදු හසරංග තවදුරටත් රඳවා ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල තීරණය කර තිබෙනවා.

ඔහු සමඟ එංගලන්ත ක්‍රීඩක ටයිමල් මිල්ස් සහ එක්සත් අරාබි එමීර් ක්‍රීඩක සහූර් ඛාන් ද ග්ලැඩියේටර්ස් පිල විසින් තවදුරටත් රඳවා ගනු ඇති.

කණ්ඩායමේ පුරෝගාමී ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ කොදෙව් ක්‍රීඩක ආන්ද්‍රේ රසල්.

අබුඩාබි ටී ටෙන් තරගාවලිය ලබන නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතය