ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි ජයක්

Wednesday, 21 December 2022 - 8:01

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියානු කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය 4ට 1ක් ලෙස ජය ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත් වුණා.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ ඊයේ (20) පැවති අවසන් තරඟය ලකුණු 54කින් ජය ගනිමින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 04ක් දැවී ලකුණු 196ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී ලබා ගතහැකි වූයේ ලකුණු 142ක් පමණයි.

අවසන් තරඟයේ දී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ මද වේග පන්දු යවන ක්‍රීඩිකා හෙදර් ග්රැහැම් කඩුළු ත්‍රිත්වයක් ලබා ගත්තා.