ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාවට තරගාවලි ජයක්

Thursday, 23 March 2023 - 8:02

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සමඟ පැවති එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත් වුණා.

ඒ ඊයේ (22) පැවති තුන්වන සහ අවසන් තරඟය ලකුණු 21 ක ජයගනිමින්.

මෙම ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවූ ඕස්ටේ්‍රලියාව පළමු ස්ථානයටත් පළමු ස්ථානයේ සිටි ඉන්දියාව දෙවන ස්ථානය දක්වාත් පසුබැස තිබෙනවා.

ඊයේ පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 268ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 248ක් පමණයි.

මේ අතර ක්‍රිකට් ලෝක කුසලානය සදහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 5 වනදා එම තරඟාවලිය ආරම්භ වන අතර ඉන්දියාවේ අහමදාබාත්, චෙන්නායි, දිල්ලි, ධර්ම්ශාලා, හයිද්‍රාබාද්, ලක්නව්, රාජ්කෝට් සහ මුම්බායි ක්‍රීඩාංගනවලදී මෙම තරඟ පැවැත්වෙනු ඇති.

අවසන් මහා තරගය නොවැම්බර් මස 19 වනදා පැවැත්වෙන්නේ ලොව විශාලතම ක්‍රීඩාංගනය වන නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදියි.