සංචිතයට මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ

Saturday, 16 September 2023 - 12:24

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%93%E0%B7%82%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9C%E0%B7%9A
හෙට (17) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගි නොවනවා.

ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රකාශයෙකු සඳහන් කළේ මහීෂ් තීක්ෂණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබෙන බවයි.

පාකිස්ථානය සමග පසුගියදා පැවති තරගයේදී ආබාධයට ලක්වූ මහීෂ් තීක්ෂණ ඊයේ(15) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබුවා.

පන්දු රකිමින් සිටිය දී ඔහු දකුණු පාදයේ ආබාධයට ලක්වූ අතර, එය පසෙකලා මහීෂ් තීක්ෂණ අවසන් පන්දු වාර කිහිපය යොමු කළා.