ආසියානු කුසලාන අවසාන මහා තරගය අද

Sunday, 17 September 2023 - 10:12

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) පැවැත්වෙනවා.

පාකිස්තානය පරාජය කළ ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ පසුගිය බ්‍රහස්පතින්දායි.

අද තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

දැනට ආසියානු කුසලානයේ හිමිකාරීත්වය දරන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටයි.

ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහනය කර ඇති අතර ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබෙනවා.

අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඉන්දියාව සමග ශූරතාවය දිනු අවස්ථා ගණන සමාන වෙනවා.

දුනිත් වෙල්ලාලගේ

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් තිදෙනා ඔවුන්ගේ සුපිරි 4 තරගයේදී සියලුම ඉන්දීය කඩුලු දවා ගත් අතර, ඉන්දියාව ලකුණු 41 කින් ජයග්‍රහණය කළ අතර, සුපිරි පිතිකරු දුනිත් වෙල්ලාලගේ ඉන්දියාවේ ඉහළ පෙළේ පිතිකරුවන් හය දෙනාගෙන් පස් දෙනෙකුම පිටියෙන් ඉවත් ක‍රන්නට සමත් වුණා.

20 හැවිරිදි වියේ පසුවන ඔහු දක්ෂ වමතින් දඟ පන්දු යවන්නෙක් මෙන්ම වේගවවත් පිතිහරඹයෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත දිනාගත්තෙකු බවට ද පත් වුණා.

කුසල් මෙන්ඩිස්
කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ අංක 3 ලෙස පිටියට පිවිසෙන පිතිකරුවායි. ඔහු තරග පහකදී ලකුණු 253ක් ලබාගෙන තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන අතර ඔහුගේ අර්ධ ශතක තුන පාකිස්තානයට එරෙහිව (91), බංග්ලාදේශයට එරෙහිව (50) සහ ඇෆ්ගනිස්ථානය එරෙහිව (92)ක් ලෙස සටහන් වෙනවා.

මේ අතර ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා ඇති බවයි.

අද අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයන් ලෙස,

ශ්‍රී ලංකා කණ්ඩායම:
ශ්‍රී ලංකාව 1 කුසල් පෙරේරා, 2 පැතුම් නිශ්ශංක, 3 කුසල් මෙන්ඩිස් (WK), 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක, 6 ධනංජය ද සිල්වා, 7 දසුන් ශානක (නායක), 8 දුනිත් වෙල්ලාලගේ, 9 දුෂාන් හේමන්ත, 10 මතීෂ පතිරණ, 11 කසුන් රාජිත සහභාගි වීමට බොහෝදුරට ඉඩ තිබෙනවා.

ඉන්දියා කණ්ඩායම: 1 රෝහිත් ෂර්මා (නායක), 2 ශුබ්මන් ගිල්, 3 විරාත් කෝලි, 4 KL රාහුල් (WK), 5 Ishan Kishan / Tilak Varma, 6 Hardik Pandya, 7 Ravindra Jadeja, 8 Shardul Thakur, 9 කුල්දීප් යාදව්, 10 මොහොමඩ් සිරාජ්, 11 ජස්ප්‍රිත් බුම්රා සහභාගි වනු ඇති.