ඉන්දීය පන්දු බලඇණිය හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන්

Sunday, 17 September 2023 - 16:20

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%87%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා. ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ පැතුම් නිස්සංක හා කුසල් පෙරේරායි.

නමුත් පළමු පන්දු ඕවරයේ තුන්වන පන්දුවේදී කුසල් පෙරේරාට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට සිදුවුයේ Jusprit Bumrah ගේ පන්දුවකටයි. ඉන් පසුව පිළිවෙලින් පිටිය පිවිසි පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංන්ජය ද සිල්වා සහ නායක දසුන් ශානක යන ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් සිව් දෙනාගේම කඩුලු 5 Mohammed Siraj විසින් ලබා ගත්තේ තරගයේ 5 වන පන්දු ඔවරය වන විටයි.

අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් ඉන්දීය පන්දු යවන්නන් ප්‍රේමදාස පිටියේ තම අණසක පතුරැවා ඇති ආකාරය අපට දැකගත හැකි වෙනවා.

ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතුවපිරී ඇති මෙහොතක මෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹන මේ අවසන් මහා තරගය අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකම දිනයක් ලෙස ඉතිහාසගත වනු ඇති බවයි විචාරකයින් ප්‍රකාශ කරන්නේ.