Mushfiqur Rahim හදිසි ආබාධයකට ලක්වෙයි

Tuesday, 19 March 2024 - 19:39

Mushfiqur+Rahim+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශ ක්‍රීඩක Mushfiqur Rahim ආබාධයකට ලක් වී තිබෙනවා.

දකුණු මාපටැඟිල්ලේ අස්ථි බිඳීමක් හේතුවෙන් මෙසේ ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලි‍ය ඔහුට අහිමි වී ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වැනිදා සිල්හෙට්හිදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 29 වැනිදා චැටෝග්‍රම්හිදී ආරම්භ වීමට නියමිතයි.