ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ සිව්වැනි දිනය අදයි

Tuesday, 02 April 2024 - 8:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A++%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි.

ඊයේ (01) තුන්වන දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 531 ක් රැස් කළ අතර බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 455ක් ඉදිරියෙන් සිටිනවා.