චමරී නොදැවී 59යි; ශ්‍රී ලංකාව දෙවැනි ජය වාර්තා කරයි

Saturday, 27 April 2024 - 23:44

%E0%B6%A0%E0%B6%B8%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+59%E0%B6%BA%E0%B7%92%3B+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Abu Dhabi හිදී පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් අතර අද (27) පැවති තරගයෙන් කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කරා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු සියල්ල දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 94ක් පමණයි.

පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 95ක පහසු පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 10යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු කිසිවක් නොදැවී ලකුණු 95ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 24ක්ද ලබා ගත්තා.