චෙන්නායි රජවරුන්ට රාජස්ථානයේ රාජකීයයෝ පරදිති

Sunday, 12 May 2024 - 19:18

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B7%92
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 61 වැනි තරගය අද (12) රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් අතර චෙන්නායිද් හිදී පැවැත් වුණා.

එහිදී කඩුළු 5ක ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 141ක් ලබා ගත් අතර චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී එම ඉල්ලක්කය සපුරා ගත්තා.

එහිදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් රුටුරාජ් ගයික්වාඩ් නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර ඩැරල් මිචෙල් ලකුණු 22ක් ද, රචින් රවීන්ද්‍ර ලකුණු 27ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් රවිචන්ද්‍රන් අශ්වින් කඩුළු 2ක් ද නන්ද්‍රේ බර්ගර් සහ යුස්වේන්ද්‍ර චාහල් විසින් කඩුල්ල බැගින්ද දවා ගත්තා.

පන්දුවට පහර දීමේ දී රාජස්ථාන් රෝයල් කණ්ඩායම වෙනුවෙන් ‍රයන් පරාග් ලකුණු 47ක් ද, යෂස්වි ජයිස්වාල් ලකුණු 24ක් ද, දෘව් ජුඅල් (Dhruv Jurel) ලකුණු 28ක් ද ලබා ගැනීමට සමත් වුණා.

එහිදී පන්දු යැවීමේ දී චෙන්නායි සුපර් ක්‍රිංග්ස් වෙනුවෙන් සිමර්ජීත් සිං කඩුළු 3ක් සහ තුෂාර් දේශපාන්ඩේ කඩුළු 2ක් දවා ගත්තා.