විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටවත්ව යෑමට සූදානම් (ඡායාරූප)

Monday, 13 May 2024 - 20:09

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (14) අලුයම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි

ශ්‍රී ලංකා කණඩායම ක්‍රිකට් ආයතනයෙදී අද (13) විශේෂ ආගමික වතාවත්වලද නිරත වූවා

එළඹෙන ජූනි 01 වැනිදා සිට ජූනි 29 වැනිදා දක්වා ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ ගමන ආරම්භ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහද සිය සුබ පැතුම් එක්කර සිටියා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදියි.

නායක වනිදු හසරංග , උපනායක චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක , සදීර සමරවික්‍රම , ඇන්ජලෝ මැතිව්ස් ,කමිදු මෙන්ඩිස්, දසුන් ශානක ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුශංක ඇතුළු ශ්‍රී ලංකා සංචිතය අමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතයි\r\n
 
\r\n




\r\n
 
\r\n
 
\r\n
 
\r\n

\r\n

\"No\"No\"No\"No\"No\"No