දිනේෂ් ප්‍රියන්ත ලක්මව රිදියෙන් සරසයි

Friday, 24 May 2024 - 16:21

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%92
ජපානයේදී පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වුණා.

මීටර් 64.59ක දස්කමක් දක්වමින් අවසන් වටය වනතෙක් දිනේෂ් මෙම ඉසව්වේ පෙරමුණ ගෙන සිටියත් ඔහු අභිබවා යන්නට අවසන් විසිකිරිමේදී කියුබානු ක්‍රීඩකයාට හැකියාව ලැබුණේ දිනේෂ්ගේ රන් පදක්කම ද උදුරා ගනිමින්.

එහිදී කියුබාවේ වරෝනා ගොන්සලෙස් මීටර් 65.16ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් ද සමග මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.