සන්රයිසස් හයිද්‍රාබාද් විශිෂ්ට ජයක්

Friday, 24 May 2024 - 23:19

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රාජස්ථාන් රෝයල්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර Qualifier 2 තරගය අද (24) චෙන්නායිහිදී පැවැත්වුණා.

එහිදී ලකුණු 36ක ජයක් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 175ක් රැස් කළ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139ක් පමණි.

එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් Heinrich Klaasen ලකුණු 50ක්ද, Travis Head ලකුණු 34ක් ද, Rahul Tripathi ලකුණු 37ක් ද, Shahbaz Ahmed ලකුණු 18ක් ද ලබා ගැනීමට සමත් වුණා.

එමෙන්ම පන්දු යැවීමේදී Trent Boult කඩුළු 3ක් සහ Avesh Khan කඩුළු දෙක බැගින් දවා ගත් අතර Sandeep Sharma කඩුළු 2ක් දවා ගත්තා.

රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් Yashasvi Jaiswal ලකුණු 42ක් ද, Dhruv Jurel ලකුණු 56ක්ද , Sanju Samson හා Tom Kohler-Cadmore ලකුණු 10 බැගින්ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී Shahbaz Ahmed කඩුළු 3ක් ද, Abhishek Sharma කඩුළු 2ක් ද, Pat Cummins හා T Natarajan කඩුල්ලක්ද දවා ගත්තා.