පාපන්දු කුසලාන තරගාවලියේ 'C' කාණ්ඩය යටතේ අද (20) පැවති මූලික වටයේ තවත් උණුසුම් තරගයකින් හයිටි රාජ්‍යය ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා.
තරගයේ ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ බ්‍රසීල ක්‍රීඩකයින් පළමු අර්ධය තුළදීම සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
බ්‍රසීලය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතාවක් දැක්වූ මැතියුස් කුන්හා (Matheus Cunha) තරගයේ 23 වැනි සහ 36 වැනි මිනිත්තු වලදී ගෝල ද්විත්වයක්ම වාර්තා කරමින් කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.
ඉන් නොනැවතුණු බ්‍රසීල කණ්ඩායම පළමු අර්ධයේ අතිරේක කාලය තුළදී (45 + 3') ක්‍රියාත්මක වූ විනිසියස් ජූනියර් (Vinícius Júnior) තවත් ගෝලයක් ලබා ගනිමින් බ්‍රසීල ලකුණු පුවරුව 3-0ක් ලෙස ඉහළ දැමුවා.
දෙවන අර්ධයේදී හයිටි කණ්ඩායම තරගයට අවතීර්ණ වීමට දැඩි උත්සාහයක නිරත වුවද, බ්‍රසීල පසුපෙළ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.
ඒ අනුව තරගය නිමාවට පත් වූයේ බ්‍රසීලයට සුපිරි ජයක් හිමිකර දෙමින්.
මෙම ජයග්‍රහණයත් සමග 'C' කාණ්ඩයේ පෙරමුණ තබා ගැනීමට බ්‍රසීලයට කදිම අවස්ථාවක් හිමිවන අතර, ඔවුන් මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවාගෙන තිබෙනවා.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026