Sports20 June 2026

පාසල් රග්බි: ඩී. එස්. පිල පරදා කිංස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු 38-34ක ජයක්

2026 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘බෝල්’ ශූරතා වටයේ (Bowl Segment) පැවැති අතිශය තීරණාත්මක සහ උණුසුම් තරගයකින් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 38-34ක් ලෙස පරාජය කිරීමට මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සමත් වුණා.

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය පුරාවටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, අවසන් මොහොත දක්වාම ලකුණු පුවරුව එකිනෙකා අභිබවා යමින් වෙනස් වුණා.

කිංස්වුඩ් ක්‍රීඩකයෝ, තරගය අවසානයේ ලකුණු 4ක තියුණු පරතරයක් රඳවා ගනිමින් ‘බෝල්’ ශූරතා සටනේ සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes