Sports23 June 2026

ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය

පාපන්දු කුසලාන තරගාවලියේ 'J' කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ජෝර්දානය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇල්ජීරියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු අර්ධය පුරා දෙපිලෙන්ම ප්‍රබල සටනක් දියත් වූ අතර, තරගයේ 36 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජෝර්දාන කණ්ඩායමේ නිසාර් අල්-රෂ්දාන් (Nizar Al-Rashdan) ගෝලයක් වාර්තා කරමින් තම කණ්ඩායමට 1-0ක පෙරමුණක් ලබා දීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, පසුබෑමකට ලක් නොවූ ඇල්ජීරියානු ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේදී තරගයට ප්‍රබල ලෙස අවතීර්ණ වුණා.

ඒ අනුව තරගයේ 69 වැනි මිනිත්තුවේදී නදීර් බෙන්බුවාලි (Nadhir Benbouali) විසින් ඇල්ජීරියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් ලකුණු තත්ත්වය සම තත්ත්වයට පත් කළා.

තරගය නිමාවීමට ආසන්න වෙමින් තිබියදී, 82 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අමීන් ගුයිරි (Amine Gouiri) ඇල්ජීරියාව වෙනුවෙන් ජයග්‍රාහී දෙවැනි ගෝලය ද වාර්තා කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියා.
Related Recomands
Hiru TV News | Programmes