සේවක අර්ථසාධක අරමුදලත්, බැඳුම්කර වෙන්දේසියට - මහබැංකුවෙන් නිර්දේශයක්

Friday, 03 June 2016 - 7:38

%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිවලදී වෙළඳපොල පදනම් කරගත් යාන්ත්‍රණයක් 2015 වසරේ පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බව මහ බැංකුව පවසනවා.

බැඳුම්කර වෙන්දේසිවල විනිවිදභාවය පිළිබඳව එල්ල වන චෝදනාවලට පිළිතුරු සපයමින් මහ බැංකුව ඊයේ නිවේදනයක්ද නිකුත් කළා.

මහ බැංකු මූල්‍ය මණ්ඩලය කියා සිටින්නේ රජයට විශාල මූල්‍ය සම්පත් අවශ්‍යතාවක් පවතින බැවින් ඊට අදාළව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බවයි.

බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව ඉහළ නැංවීම ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමට සමගාමීව සිදුවූවක්. එමඟින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ඵලදායීතාව ඉහළ යාමද සිදුවුණා.

රජයේ ඉහළ යන මූල්‍ය අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව මහ බැංකු මූල්‍ය මණ්ඩලය මගින් නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කළමනාකරණ මණ්ඩලය මගින් ප්‍රාථමික තැරැව්කරුවන් සමඟ සාකච්ඡා කර වෙළඳපොල ප්‍රවණතාවන්ට අනුකූලව වෙන්දේසි කාලසටහන සකස් කළ යුතු වනවා.

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිවලදී ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුකූලව පිළිගත යුතු අයදුම් ප්‍රමාණය තීරණය කළ යුතුයි.

ප්‍රාථමික වෙන්දේසිවලදී සේවක අර්ථසාධක අරමුදලද ක්‍රියාකාරීව සහභාගි විය යුතු බව මහබැංකු මූල්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව නිර්දේශවලට ඇතුළත්.