ලෝක බැංකුවෙන් ඩො. මි. 125 ක්

Thursday, 19 January 2017 - 7:18

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C.+%E0%B6%B8%E0%B7%92.+125+%E0%B6%9A%E0%B7%8A
කෘෂිකර්ම ක්‍ෂේත්‍රය නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 125 ක සහන ණයක් ලබාදී තිබෙනවා.

ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරුණා.

මෙරට ගොවීන් අපනයනකරුවන් බවට පත්කිරීම සහ ඔහුගේ ආදායම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිවල අරමුණයි.

උතුර, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත් ඉලක්ක කරගනිමින් ලෝක බැංකු ආධාර යටතේ මෙම ව්‍යාපෘති ආරම්භ වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.