නාගරික සංවර්ධනය උඩුයටිකුරු කරමින් කොළඹට එන අති සුඛෝපභෝගී විශේෂ ව්‍යාපෘතිය

Wednesday, 21 March 2018 - 11:49

%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ඉදිකිරීමට නියමිත \"ද වන් ශ්‍රී ලංකා\" ( The One Sri Lanka ) අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය සහ \"ද රිට්ස් කාර්ල්ටන් රෙසිඩන්සීස්\" (The Ritz - Carlton Residences) නිවාස ව්‍යාපෘතිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා.

කොළඹ කේන්ද්‍රකර ගනිමින් ඉදි කෙරෙන මේ ව්‍යාපෘතිය අක්කර 4 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

ඩොලර් මිලියන 500ක ආයෝජනයක් යොදවමින් සිදුකෙරෙන මේ ව්‍යාපෘතිය තුලින් මෙරට තරුණ තරුණියන්ට රැකියා 3000ක් පමණ හිමිවනු ඇති.

ඒ තුලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිරිගැන්විය හැකිබවයි මාධ්‍ය හමුවට එක්වෙමින් ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වන ඇලෙක්ස් ලුවෙල් පැවසුවේ.

අති සුඛෝපභෝගී හෝටල් කාමර 473 කින් සහ නිවාස 638 කින් මෙම ව්‍යාපෘතිය සමන්විතයි.

අදියර දෙකක් යටතේ ඉදිකිරීම් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර 2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරුණු අතර එය 2021 වසරේ නිම කිරීමට නියමිතයි.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ චීනයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් විසින්.

\"ද වන් ශ්‍රී ලංකා\" සහ \"ද රිට්ස් කාර්ල්ටන් රෙසිඩන්සීස්\" ව්‍යාපෘතියට අදාළ නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරුණා.



\"\" \"\" \"\" \"\" \"\" \"\"