එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Sunday, 01 March 2015 - 10:42

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තය සමඟ පැවති ඒ කාණ්ඩයේ තරඟය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (01) සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල සිය පන්දුවාර පනහ අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 309 ක් රැස්කළා. ජෝ රූට් එංගලන්තය වෙනුවෙන් ලකුණු 121 ක් රැස්කළ අතර, ඉයන් බෙල් ලකුණු 49 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා පිල පන්දුවාර 47 යි පන්දු 02 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 312 ක් ලබා ගනිමින් තරඟයේ ජය හිමිකර ගත්තා. එහිදී ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 139 ක් ලබාගත් අතර, කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 117 ක් රැස්කර ගැනීමට සමත් වුණා. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 44 යි. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිලට සුපර් එයිට් වටයට පිවිසීම සඳහා පවතින අවස්ථා ඉහළ යනවා. ඒ කාණ්ඩයේ තරඟ 04 ක් ජයගත් නවසීලන්තය ප්‍රසාද ලකුණු 08 ක් ලබා ඉදිරියෙන් සිටින අතර, තරඟ 04 කින් 03 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 06 ක් හිමිකර ගත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසුවනවා.