T20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ඉන්දියාව ජයගනී

Monday, 13 February 2017 - 8:25

T20+%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මෙවර දෘෂ්‍යාබාධිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ශුරයින් බවට පත්වීමට සත්කාරක ඉන්දිය කණ්ඩායම ඊයේ සමත් වුණා.

පාකිස්ථානය සමඟ පැවති අවසන් මහ තරඟය කඩුලු 9 කින් ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන දෘෂ්‍යාබාධිත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් බිද වැටි ලකුණූ 197ක් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කල ඉන්දිය දෘෂ්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ  එක් කඩුල්ලක් බිද වැටි ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

තරගාවලියේ වීරයා සම්මානය ශතක 5ක් ලබා ගත් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සුරංග සම්පත්ට හිමිවුණා.