ඔට්ටු තබන්නන් පිරිසක් පකිස්ථාන කණ්ඩායමේ නායකයා හමුවීමට දැරූ උත්සාහයක් ගැන හෙළිවෙයි

Saturday, 21 October 2017 - 19:23

%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඔට්ටු තබන්නන් පිරිසක් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් හමුවීමට උත්සාහ කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනාවරණ කර තිබෙනවා.

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජාම් සේති විසිනුයි මෙය පළමුවෙන් හෙළිකර තිබුනේ.

ඔට්ටු තබන්නන් පිරිසක් තරග පාවාදීම් සඳහා සෆ්රාස් අහමඩ් හමුවීමට උත්සාහ කර තිබු අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකයට පැමිණිලි කර තිබුනා.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති තුන්වන එක්දින තරගයට පෙර කිසියම් පිරිසක් තමා හමුවීමට උත්සාහ කළ බවටයි සෆ්රාස් අහමඩ් හෙළිකර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දුෂණ මර්දන ඒකකය විමර්ශණ සිදුකරන අතර මෙය හෙළි කිරීම පිළිබඳ ඔවුන් පකිස්ථාන ක්‍රිකට් නායකයාට ප්‍රශංසාව පළකර තිබෙනවා.

ඔහු කළ ක්‍රියාව සමස්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම කණ්ඩායම් සාමාජිකයන්ට ද ආදර්ශයක් බවයි ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ.

එමගින් තරගවල සිදුවන දුෂණ වංචාවලින් ඉවත්වන්නේ කෙසේ ද යන්න පෙන්නුම් කෙරෙන බව ඔවුන් සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී ශර්ජීල් ඛාන් සහ කලීඩ් ලතිෆ්ට තරග පාවාදීම් චෝදනා එල්ලවීම හේතුවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳ පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් පසුවන්නේ ද දැඩි අවධානයකින්.