විස්සයි විස්සේ දී, මාලිංග ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී

Saturday, 23 March 2019 - 12:41

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තමන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා දිනය පිළිබදව හෙළිදරව්වක් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ සෙන්චූරියන් - සුපර් ස්පෝට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරඟයෙන් අනතුරුව ඔහු කියා සිටියේ 2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තම අවසාන ඉලක්කය බවයි.

ඉන් පසු තමාගේ ක්‍රිකට් දිවිය අවසන් වන බව මාලිංග ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.  

මේ අතර, ලසිත් මාලිංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිළ මුහුණ දෙන පළමු තරඟ 6ට සහභාගි විය නොහැකි බව දැනුම් දී තිබෙනවා.

ඒ, ලෝක කුසලාන තරඟාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අරමුණෙන්.

ලෝක කුසලාන තරඟාවලිය සඳහා තෝරා ගැනෙන්නේ පළාත් අතර සීමිත පන්දු වාර තරඟාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබෙනවා.

මාලිංග අයි.පී.එල්. තරඟ මග හැර පළාත් තරඟාවලියට එක්වන්නේ ඒ හේතුවෙන්.

මෙවර අයි.පී.එල්. තරඟාවලිය සඳහා ලසිත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් පිළ විසින් ලබා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකකට එනම්, ඇමරිකානු ඩොලර් දෙලක්ෂ 90,000කට ආසන්න  මුදලකටයි.

එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පන්කෝටි විසි දෙලක්ෂයක මුදලක්.

මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය සඳහා එක්වන්නේ මෙවර අයි.පී.එල්. තරඟාවලිය සඳහාම අවශ්‍ය නම් වෙනත් ක්‍රීඩකයෙකු යොදා ගන්නා ලෙස මුම්බායි ඉන්දියන්ස් පිළට දැනුම් දෙමින්.