General26 June 2015

ඇප ලැබුණු බැසිල් කලකට පස්සේ දියවන්නාවේ

මාස ගණනාවකට පසු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (26) පාර්ලිමේන්තුව සභා වාරයට පැමිණියා. ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි 11 වන දා අලූයම ඇමරිකාව බලා පිටත්ව ගිය ඔහු යළි දිවයිනට පැමිණියේ අප්‍රේල් 21 වන දායි. අනතුරුව දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසුව ඔහු  රක්ෂිත බන්ධනාගාර ගත කළා.

බන්ධනාගාරගතව සිටියදීත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු පසුගිය දා ඇප හිමිවීමෙන් පසු කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර ඉන් පිටව ගියේ ඊයේ (25) දිනයේදියි.
Related recommendation
Hiru TV News | Programmes