හෙට (06) ශ්‍රී ලංකාවට පැමිණෙන ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුගේ සංචාරය සම්බන්ධයෙන් ජිනීවා නුවර ජගත් මානව හිමිකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිව් දින නිළ සංචාරයක් සඳහා පැමිණෙන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ජනාධිපතිවරයා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම අනෙකුත් රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ඇරයුමක් අනුව මෙරට සංචාරය කරන බවයි ඔහුගේ කාර්යාලය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේදී පවතින අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව මහකොමසාරිස්වරයා සාකච්ඡා කිරීමට නියමිත බව ජිනීවා නුවර ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.
එමෙන්ම, පසුගිය වසරේ ඔක්තෝම්බර් පළමුවැනිදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විමසා බලනු ඇති.
ඊට අමතරව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, සිවිල් සමාජ නියෝජිතයන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල වින්දිතයන් සහ ආගමික නායකයන් සමග ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සාකච්ඡා කිරීමට නියමිතයි.
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යාපනයේ , ත්‍රිකුණාමලයේ සහ මහනුවර ද සංචාරයන්හි නිරත වනවා.

Latest News
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්
Local
09 September 2026
ජූලි 23 වැනිදායින් පසු පළමුවරට බොර තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
Local
09 September 2026
පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය ගිනි අවදානම හේතුවෙන් තාවකාලිකව වසා තබයි
Local
09 September 2026
මුහුදු ගිය බහුදින යාත්‍රාවකදී ධීවරයෙකුට පිහියෙන් ඇන තුවාල කළැයි ස්කිපර්වරයා අත්අඩංගුවට
Local
09 September 2026
දේශපාලනඥයෙක්ගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ගැන ඇගයුමකුත්
Local
09 September 2026
කොණ්ඩ රංජි නමැත්තා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
09 September 2026
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග
Local
09 September 2026
දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව Spera එළිදක්වයි
Local
09 September 2026