හුසේන් කුමරු යාපනයේත් යයි

Friday, 05 February 2016 - 14:20

%E0%B7%84%E0%B7%94%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හෙට (06) ශ්‍රී ලංකාවට පැමිණෙන ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුගේ සංචාරය සම්බන්ධයෙන් ජිනීවා නුවර ජගත් මානව හිමිකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිව් දින නිළ සංචාරයක් සඳහා පැමිණෙන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ජනාධිපතිවරයා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම අනෙකුත් රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ඇරයුමක් අනුව මෙරට සංචාරය කරන බවයි ඔහුගේ කාර්යාලය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේදී පවතින අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව මහකොමසාරිස්වරයා සාකච්ඡා කිරීමට නියමිත බව ජිනීවා නුවර ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

එමෙන්ම, පසුගිය වසරේ ඔක්තෝම්බර් පළමුවැනිදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විමසා බලනු ඇති.

ඊට අමතරව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, සිවිල් සමාජ නියෝජිතයන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල වින්දිතයන් සහ ආගමික නායකයන් සමග ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සාකච්ඡා කිරීමට නියමිතයි.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යාපනයේ , ත්‍රිකුණාමලයේ සහ මහනුවර ද සංචාරයන්හි නිරත වනවා.



පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයන්ට නීතිය දැඩි වෙයි
Thursday, 16 July 2020 - 18:32

පදික වේදිකාවේ සහ වාහන නතර කිරීම තහනම් කර ඇති ස්ථානවල වාහන... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2682ක් දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 17:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2682ක් දක්වා... Read More

රෝග ලක්ෂණ රහිත රෝගීන්ගෙන් කොරෝනා පැතිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරයි
Thursday, 16 July 2020 - 18:47

රෝග ලක්ෂණ රහිත රෝගීන්ගෙන් කොරෝනා ව්‍යාප්ත නොවන බව සමාජ මාධ්‍ය... Read More