අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රේමසිරි හැලඹගේ ඊයේ (12) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණා.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් අම්බලන්ගොඩ - මානිමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවස අසලදී මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවටයි පොලීසිය ප්‍රකාශ කළේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ප්‍රේමසිරි හැලඹගේ බලපිටිය මූලික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව සිටි බවටයි වාර්තාවන්නේ.
එහිදී තුවාල ලැබූ ඔහුගේ 12 හැවිරිදි පුත්‍රයාද බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනයට ලක්වූ ප්‍රේමසිරි හැලඹගේ මහතා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි දෙකක් යොදාගෙන ඇති බවටයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබූ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙන් අනාවරණ වී නොමැති බවටයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
53 හැවිරිදි වියේ පසුවන ප්‍රේමසිරි හැළඹගේ පසුගිය 28 වනදා පැවති නිලවරණයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට පත්වුණා.
එම නිලවරණය පැවැත්වූයේ ගැටළුකාරී තත්ත්වයක් මධ්‍යයේ බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
අදාළ නිලවරණය පැවැත්වීම සඳහා සංගමයේ සාමාජිකයින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණියත් ඔවුන්ට එම පරිශ්‍රයට ඇතුලූවීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.
ඒ, පාලනාධිකාරිය එහි ගේට්ටුව වසා තැබීම හේතුවෙන්. අවසානයේදී පැමිණි පිරිස ගේට්ටුව ඉදිරිපිට රැස්වීම පවත්වා නව නිලධාරී මණ්ඩලය පත්කරගැනීමට කටයුතු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ප්‍රේමසිරි හැලඹගේගේ සභාපති ධුරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත්තේ නැහැ. එම ආයතනය ලිපියක් මගින් සඳහන් කර තිබුණේ එම නිලවරණය නැවත මේ මස 27 වනදා පැවැත්විය යුතු බවයි.
ක්‍රිකට් ආයතනයේ තීරණයට එරෙහිව අධිකරණයට ගිය ප්‍රේමසිරි, එම නිලවරණයට වාරණ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව අගෝස්තු 27 වනදා පැවැත්වීමට නියමිත ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් නිලවරණය අත්හිටුවමින් ගාල්ල දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ, ප්‍රේමසිරි හැලඹගේ ඝාතනය වීමට දින 03 කට ඉහතදීයි.

Latest News
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
Local
05 September 2026
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
Local
05 September 2026
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ
Local
05 September 2026
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
Local
05 September 2026
ඉතාලි ෆෝමියුලා තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරෙන් යෙවාන් ඩේවිඩ්ට 4 වැනි ස්ථානය
Local
05 September 2026