ඉන්ධන පිරවුම්හල්වල සිදුවන වංචා, දූෂණ හේතුවෙන් බොහෝ විට අසරණවන්නේ රථ වාහන හිමිකරුවන්.
ඉන්ධනවලට වෙනත් දෑ මිශ්‍ර කිරීම හරහා ඉන්ධන පිරවුම්හල් හිමියන් අධික ලාභ ලබද්දී රථ වාහන හිමිකරුවන්ට සිදුවන්නේ තම රථයේ කාර්මික දෝෂවලට විසඳුම් සෙවීමටයි.
හිරු සී.අයි.ඒ අද හෙළිදරව්ව එවන් ඉන්ධන ජාවාරමක් පිළිබඳවයි
කොළඹ දකුණ සමුපකාර සමිතිය මගින් පාලනය වන කොටහේන තැපැල්හළ අසල ඇති ඉන්ධන පිරවුම්හලට සතියේ සෑම දිනකම පාහේ කොළඹ නගර සභාවට අයත් WP - PX දරණ ලොරි රථය සැක කටයුතු ලෙස වාර ගණනාවක් පැමිණෙන බවට හිරු සී.අයි.ඒ වෙත රහසිගත තොරතුරක්
ලැබුණා.
හිරු සී.අයි.ඒ කණ්ඩායම කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරින් මෙම ලොරි රථය ලුහුබැන්දේ ඒ අනුවයි.
එහිදී අනාවරණ වූයේ සංවිධානාත්මක පිරිසක් විසින් කොළඹ මහ නගර සභාවේ ඉන්ධන පිරවුම්හළෙන් බැරල්වලට පුරවාගන්නා ඩීසල් කොටහේන ඉන්ධන පිරවුම්හලට විකුණා දමන බවයි.
මෙම එක් බැරලයක ඩීසල් ලීටර් 200 ක් අඩංගුවන අතර ලොරි රථයේ රියදුරා එක් ලීටයක් රුපියල් 80 බැගින් ඉන්ධන පිරවුම්හළට විකිණීම සිදුකරනවා.
ඒ අනුව එක් ඉන්ධන බැරලයක මිල රුපියල් 16,000ක් වන අතර එක්වරකදී ඉන්ධන බැරල් 2 ක් කොටහේන ඉන්ධන පිරවුම්හළට විකුණා දමන්නේ රුපියල් 32,000 ක මුදලකටයි.
මෙහි පාරිභෝගික ජනතාවට වන හානිදායකම කටයුත්ත සිදුවන්නේ ඉන් අනතුරුවයි.
ඉන්ධන හලේ සේවකයන් අඩු මිලට ලබාගන්නා ඩීසල් මිශ්‍ර කරන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සමඟයි.
අප කළ ගවේෂණයේදී හෙළි වූයේ දිනපතා ඩීසල් ලීටර් 600 ක් පමණ ඉන්ධන හල් සේවකයන් පෙට්රල්වලට මිශ්‍රකරන බවයි.
දින ගණනාවක් රහසිගතව මෙම ක්‍රියාවලියේ සියලු තොරතුරු එක්රැස් කරගත් හිරු සී.අයි.ඒ කණ්ඩායම මෙම ස්ථානය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා පොලිසියට තොරතුරු ලබාදුන්නා.
පෙට්රල්වලට කොළඹ මහ නගර සභාවට අයත් ඉන්ධන පිරවුම්හළෙන් නීතිවිරෝධීව ලබාගන්නා ඩීසල් මිශ්‍ර කිරීමේ මෙම මහා පරිමාන ජාවාරමට තිත වැටුණු එම වැටලීමේ තොරතුරු හෙට සී.අයි.ඒ හරහා ගෙන ඒමට අප සූදානම්.

Latest News
කෝටි 8ක වත්කම් උපැයූ 'තොටළඟ පොඩ්ඩි' යළිත් රිමාන්ඩ්
Local
17 August 2026
ලක්ෂ 5ක අල්ලසකට ගංජා ජාවාරම්කරු බේරපු පොලිසියේ 4ක් අත්අඩංගුවට
Local
17 August 2026
මුලතිව් නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක් දියේ ගිලී මරුට
Local
17 August 2026
ශිරාන් බාසික් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගනී
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local
17 August 2026
ග්‍රෙගරි වැවේ අනතුරට පත් දරුවන් දෙදෙනෙක් නාවික හමුදාවෙන් බේරා ගනියි
Local
17 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 337.34
Local
17 August 2026
වැලිකන්ද ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියෙක් සොරොව්වක සිරවී මරුට
Local
17 August 2026
ඇපල් සමාගම iPhone 18 නිකුත් කිරීම 2027 වසර දක්වා කල් දමයි
Local
17 August 2026
සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවධානයක් යොමු කරන්න: රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් උපදෙස්
Local
17 August 2026