General02 January 2017

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා ප්‍රදේශවාසීන් අසරණ වෙයි

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් ඌව පළාතේ ජනතාව මුහුණ දුන් ගැටළු අප අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගේ අවධානයට යොමු කළා.

එහෙත් තවමත් එම ප්‍රදේශයන්හි ජනතාවට ස්ථිර විසඳුමක් ලබා දීමට බලධාරීන්ට හැකිවී නැහැ.
 
බණ්ඩාරවෙල උඩපේරුව ගම්මානයේ  නිවාස රැසක් අදත් ගිලා බැසීමට ලක්වුණේ නිවැසියන්ට උන්හිටි තැන් අහිමි කරමින්.

2008 වසරේදී ආරම්භ කළ  උමා ඔය බහුකාර්ය ව්‍යපෘතිය හේතුවෙන් ඌව පළාතේ ගම්මාන රැසක ජනතාව විවිධ අහිතකර බලපෑම් වලට මුහුණ දුන්නා.

ලක්ෂ ගණනක් වියදම් කර දුක් මහන්සියෙන් ඉදි කළ නිවාස මහපොලොව මත සමතලා වී ගියේ ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුනු විසිනු කර දමමින්.

බණ්ඩාරවෙල උඩපේරුව ආරාවත් ගම්මානයේ නිවාස 4 ක් අදත් ඉරිතලා ගිලාබැසීමට ලක්ව තිබුණා.
 
පසුගියා සෙනෙසුරාදා දිනයේදීද මෙම ගම්මානයේ නිවාස 5 ක් ගිලාබැසීමට ලක් වූ අතර එදින ඔවුන්ද සිය නිවෙස් හැර යාමට කටයුතු කළා.

අරාවත්ත ගමවාසීන් මුහුණ දී ඇති මෙම තත්ත්වය නිරීක්ෂණය සඳහා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා අද පැමිණියේ බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී උදය කුමාර මහතාද සමගින්.

එහෙත් ඔවුන්ට ප්‍රදේශවාසීන්ගෙන් හිමි වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවෙයි.



Related recommendation
Hiru TV News | Programmes