විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ඔවුන්ට පනවා තිබූ සියයට 24ක බදු ප්‍රතිශතය එලෙසම පවතින බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
දේශීය ආදායම් පනතට අනුව මෙතෙක් අය කරන බදු ප්‍රතිශතවල කිසිදු වෙනසක් සිදුනොකරන බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළා.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, මුදල් අමාත්‍ය මංගල සමරවීර සමඟ පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ආදායම් බදු ප්‍රතිශතයේ වෙනස්කමක් ගැන තීරණයක් නොගත් බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි පමණක් එම සාකච්ඡාවේදී එකඟතාවය පළ වූ බවයි මුදල් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අය කරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩු කරන බවයි.
වෛද්‍යවරුන්ගේ ආදායම මත අය කරන සියයට 24ක බද්ද මීට පෙර තිබූ සියයට 12 දක්වා අඩු කරන ලෙස වෛද්‍යවරුන් කළ ඉල්ලීම සලකා බලා මෙම පියවර ගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
වෛද්‍යවරුන්ගෙන් සිදුවන සුවිශේෂී සේවය සලකා බලා ඔවුන්ගෙන් අය කරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා සමඟ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ සාකච්ඡාවකින් පසුව එකඟ වූ බවයි ඔහු කියා සිටියේ.

Latest News
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රාජ්‍ය ප්‍රතිඥාවක්
Local
27 July 2026
වඳින්න ගිය දේවාලෙදී මී අත්තක් කඩා වැටී කතක් මරුට
Local
27 July 2026
සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවයි
Local
27 July 2026
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය (stf.lk) එළිදැක්වෙයි
Local
27 July 2026
දෙවිනුවර කාවඩි නැටුම පාතාලයේ ගැටුමක් වුණු හැටි ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්
Local
27 July 2026
LPL තරග පාවාදීමේ සිද්ධියේ ඉන්දියන් ජාතිකයින් දෙදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට
Local
27 July 2026
RMV හිටපු නිලධාරිනියට ඇප
Local
27 July 2026
බොරතෙල් මිල තවත් පහළට
Local
27 July 2026