International14 December 2019

ඇමරිකාව සහ චීනය පළමු අදියරේ වෙළඳ ගිවිසුමට එකඟ වෙයි

වෙළඳ යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස පළමු අදියරේ ගිවිසුම සඳහා එකඟ වූ බව චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කළා.

ඒ අනුව දෙපාර්ශවය විසින් එකිනෙකාට එරෙහිව පනවනු ලැබූ දඬුවම් තීරු බදු ඉවත් කර ගැනීමට නියමිතයි.

ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ චීනය සමඟ වෙළඳ ගිවිසුමේ විශාල අදියරකට එකඟ වූ බවයි.

ඒ අනුව ගිවිසුම සඳහා අත්සන් තැබීම ලබන වසරේ මුල් සතියේදී සිදුකරනු ඇතැයි අපේක්ෂිතයි.

චීනය සමඟ වෙළඳ එකඟතාවකට පැමිණීම ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දේශපාලනමය වශයෙන් වාසිදායක කරුණක්.

ඔහුට එරෙහි දෝෂාභියෝග චෝදනා ඉදිරි සතියේ කොංග්‍රස් මණ්ඩලයේදී ඡන්ද විමසීමට ලක් කෙරෙන අතර, ඇමරිකානු ජනපතිවරණය යෙදී ඇත්තේ ද ලබන වසරටයි.

එහිදී තමා ආරම්භ කළ වෙළඳ යුද්ධය ඇමරිකාවට ප්‍රතිඵලදායක බව ඔප්පු කිරීමට මෙම එකඟත්වය තුළින් ජනපති ට්‍රම්ප්ට අවස්ථාවක්් ලැබෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes