General18 February 2020

අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන් අපවත් වෙයි

මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ 106 වන වියේ පසුවුණා.

උන්වහන්සේගේ දේහය හෙට දිනය දක්වා සිරි වජිරඥාන ධර්මායතනයේ තැන්පත් කර ඇති අතර, එදින පස්වරුවේ බම්බලපිටිය වජිරාරාමය දක්වා වැඩම කිරීමට නියමිතයි.

ආදාහන පූජෝත්සවය අනිද්දා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes