කොළඹ - නිදහස් චතුරස‍්‍රය ආසන්න භූමියේ තිබී අද උදෑසන මියගොස් සිටි පුද්ගලයාගේ මරණය වෙඩි වැදී හිසට සිදුවූ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
ඔහු සිය දිවි හානි කරගෙන ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, මල සිරුර ආසන්නයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සොයාගත් බවයි කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ.
අද උදෑසන නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේ මුර සංචාරයේ නිරත පොලිස් භටයන් විසින් මෙම මළ සිරුර මුලින්ම නිරීක්ෂණය කර තිබුණා.
පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ රජීව් ප්‍රකාශ් ජයවීර නැමැති 64 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔහු බම්බලපිටිය - පොලිස් උද්‍යාන මාවතේ පදිංචිව සිට ඇති අතර, ඊට පෙර ඔහු තම මෝටර් රථයේ යතුර මෙහෙකාරියට ලබාෙමින් සඳහන් කර ඇත්තේ එය සිය සහෝදරයාට ලබාදෙන ලෙසයි.
විවාහකයෙකු වන මොහුගේ බිරිඳ මේ වනවිට එංගලන්තයේ රැදී සිටින අතර, ඇය පොලිස් උද්‍යානය ආසන්නයේ පිහිටි නිවස ආසන්නයේ ගුවන් ප්‍රවේශපත් අලෙවි ආයතනයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා.
එහි යතුර ද මුද්‍රා තබා මෙහෙකාරිය වෙත ලබාදී ඇත්තේ ආයතනයේ සේවිකාවක් වෙත ලබාදෙන ලෙස පවසමින්.
මියයාමට පෙර මෙම පුද්ගලයා සිය සහෝදරයාට ලිපියක් ද ලියා ඇති අතර, ඒ බව ඊයේ රාත්‍රියේ කෙටි පණිවුඩයක් මගින් ඔහුට දන්වා තිබෙනවා.
අදාළ ලිපියේ සඳහන් වූයේ මෙවැන්නක්.
මගේ ආදරනීය චුට්ටා,
හැමෝටම හිතාගන්න බැරි දෙයක් වෙයි, මං ගත්ත තීරණය ඔයත් එක්කවත් බෙදා ගන්න බැහැ. මම සමාව අයදිනවා මොකද මේකෙන් පස්සේ ඔයාට මුහුණ පාන්න වෙන ගැටලුවලට. හැබැයි මම පුළුවන් උපරිමයෙන්ම උත්සහ කරලා තියෙනවා ක්‍රමානුකූලව මෙය සිදු කිරීමට. මං ගන්න තීරණයට මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මම ගත්ත තීරණය සම්බන්ධයෙන්. මොකද නෙල්සන් මැන්ඩෙලා එක සැරයක් කියලා තියෙනවා "මම මගේ නෞකාවේ කපිතාන්, යන දිශාව තීරණය කරන්නේ මමයි‘ කියලා. මූලිකම හේතුව විදිහට මම කියන්න ඕනේ මට කොන්ඳේ අමාරුවක් තියෙනවා. ඒකට කියන්නේ "හර්නියේටඩ්" ගොඩක් වෙලාවට මට අමාරු වෙනවා. මම ප්‍රතිකාර ගත්තත් ඒකට ටික කාලයකට පසු මම ඒකෙන් පීඩා වින්දා. ඒ වගේම නුදුරේදීම ශල්‍යකර්මයකට මුහුණ දෙන්න සිදුවෙනවා. දෙවනුව මගේ ඇස් පෙනීම සෑහෙන ලෙස දුර්වල වේගෙන යනවා. ඒකයි, කොඳු ඇට පෙළේ ශල්‍යකර්මයෙන් පසුව විඳින්න වෙන කරදර සහ පසු බලපෑම් සියල්ල ගත්තහම ඒවා එක්ක මට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඩිල්හාරාගෙන් වෙන්වීමත් මට දුකක්. ඒ වගේම ලංකාවේ සහ සෙසු රටවල මගේ වාසස්ථාන නිරන්තරයෙන් වෙනස් වෙලා තිබීමත් තවත් කරුණක්. එම නිසා අවුරුදු 64 ක් වෙලත්, මට මේක තවදුරටත් දරන්න බැහැ. මම මගේ ජීවිතය හොඳට ගෙව්වා. ඒත් මම කරපු එක දෙයක් ගැන දුක් වෙනවා. ඒ මගේ විවාහය ෂිරෝමාල් සමඟ සිදුකරපු එක ගැන. හැබැයි මම ඇය සමඟ වසර කිහිපයක් හොඳින් හිටියා, ඒත් බලන් යද්දී ධනාත්මක ඒවට වඩා ඍණාත්මක පැත්ත තමයි වැඩියි. ඒ නිසා මම යන්න යනවා. මම උත්සාහ කළා අවමඟුල් පැකේජයක් ලබාගන්න, නමුත් මගේ වයස අවුරුදු 70 සම්පූර්ණ වී නොමැතිවීම නිසා එය ලබාගැනීමට නොහැකි වුණා. ඒ වගේම මම කොවිඩ් 19 අරමුදලට රුපියල් ලක්ෂ පහක මුදලක් බැර කරලා තියෙනවා, ඊට අදාළ රිසිට් පතත් මෙම ලිපියේ අමුණා තියෙනවා. මම දන්නවා මම නීතිය කඩලා තියෙනවා කියලා ගිනි අවියක් ලබා ගැනීමෙන්. හැබැයි මං ඒක ගත්තේ වෙන කාටවත් හිංසාවක් කිරීමට නෙවෙයි. 2020 ජනවාරි 03 වැනිදා රුපියල් 151,500ක් ගත්තා මගේ ගිණුමෙන් තුවක්කුවයි, උණ්ඩ 06 කුයි මිලදී ගන්න.ඒකෙන් මං එක උණ්ඩයක් පරීක්ෂා කිරීම සඳහා භාවිත කළා. මං මේවා කියන්නේ පැටලිලි සහගත නොවෙන්න. මගේ මරණයට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මම ජීවිතයෙන් සමුගන්න මීට කලින් සැලසුම් කරලා තිබ්බේ පසුගිය මාර්තු 27 වැනිදා. ඊට කලින් අපි මාර්තු 21 වැනිදා රාත්‍රි ආහාරය සඳහා හමුවෙන්න නියමිතව තිබුණා. නමුත් 20 වැනිදා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සියල්ල වෙනස් වුණා.
ස්ටැන්ලි ජයවීර -
රජීව් ජයවීරගේ පියා මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද වන අතර, රජීව් මෙරට වෙබ් අඩවි කිහිපයකටම ලිපි සම්පාදනය කර තිබෙනවා.
මියගිය පුද්ගලයා ලියූ ලිපිය ද මේ වන විට හමුවී ඇති අතර අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනය විසින් මරණය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව ද ලැබී තිබෙනවා.

Latest News
ගංවතුරට හසු වූ වතු කම්කරුවන් බේරාගන්න යුද හමුදාවත් එයි
Local
03 August 2026
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
Local
03 August 2026
මහර බන්ධනාගාර අර්බුදයේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි! - ෆ්‍රී ලෝයර්ස්
Local
03 August 2026
හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට
Local
03 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය පහළට
Local
03 August 2026
ඉදිරි පැය 36 තුළ දිස්ත්‍රික් කිහිපයකට තද වැසි
Local
03 August 2026
කැලණි නිම්නයේ පහත්බිම් රැසකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක්
Local
03 August 2026
පාස්කු ප්‍රහාර විමර්ශනට අදාලව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ගැන ගෝඨාභයගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 22
Local
03 August 2026
පැයක් ඇතුළත දඹුල්ලේ අනතුරු තුනක්
Local
03 August 2026
අයහපත් කාලගුණය හෙට දහවල් අඩුවේ: ටයිෆූන් බලපෑමෙන් 06 වැනිදා සිට නැවතත් වැසි
Local
03 August 2026