මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ති්රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට මේ දක්වා ලිඛිත දැනුම්දීමක් ලැබී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ නිර්වචනයක් ලබාදීමට බලය ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි.
මන්ත්‍රී අයිතිවාසිකම් හා පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම තම යුතුකම බවත්, ඒ වෙනුවෙන් තමා පෙනී සිටින බවත් කථානායකවරයා අවධාරණය කළා.
ප්‍රේමලාල් ජයසේකර මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූයේ මරණ දඬුවම නියමවීමට පෙර වන අතර, ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙවනුවට වැඩිම මනාප ලබාගත්තා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පිළි ගනිමින් ගැසට් මගින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධතාවය පළ කළ යුතුව තිබුණේ එම අවස්ථාවේදී බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පෙන්වා දෙන්නේ.
9 වන පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගි වීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස ප්‍රේමලාල් ජයසේකර පසුගිය දා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
එමෙන්ම, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, පසුගිය දා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රේමලාල් ජයසේකර තමාට හිමිව ඇති මරණ දඩුවම සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවට කැඳවන ලෙස බන්ධනාගාර නිලධාරින්ට නියෝග කරන ලෙසයි.
ඒ අනුව, පසුගිය සිකුරාදා කථානායකවරයා නිවේදනය කළේ ලබන මස 08 වනදා ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දෙන බවයි.
කෙසේ වෙතත්, එවන් පසුබිමක ප්‍රේමලාල් ජයසේකරගේ තත්ත්වය පිළිබදව බන්ධනාගාර කොමසාරිස්වරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබුණා.
ඒ අනුව මරණ දඬුවම නියමව සිටින බැවින් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ති්රීවරයෙකු ලෙස දිවුරුම්දීමට හෝ එම ධුරයේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව, දැනුම් දුන් බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
2015 දී සිදුවු මිනීමැරුම් සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකරට පසුගිය දා මරණ දඬුවම නියම කළා.
මේ අතර, ප්‍රේමලාල් ජයසේකර අසනීප තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔහු මෙලෙස බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
Dean to captain England against Ireland
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026