General19 September 2020

කහ කිලෝ 33,000ක් රේගුවෙන් පිට කළ රේගු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස කහ කිලෝ 33,000ක් රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

මෙම සිද්ධියට ඊයේ (18) දිනයේදී පුද්ගලයින් 10 දෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

මීට අමතරව කහ තොගය සහිත කන්ටේනර් තුනක් සහ ලොරි හතක්ද කොළඹ වරායේ බ්ලූමැන්ඩල් වාහන අංගනයේදී පොලිස් භාරයට ගෙන තිබූ අතර, වීදුරු ගෙන්වන මුවාවෙන් මෙම කහ තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බවටයි වාර්තා වුණේ.



Related recommendation
Hiru TV News | Programmes