General29 September 2020

ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින සත්ත්ව පනත සහ ගව ඝාතනය ආඥා පනත ආදී පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා විසින් ඒ සඳහා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා ඇත්තේ එම නීති රීති සංශෝධනය කිරීමට නොපමාව පියවර ගන්නා අතර, ගව මාංෂ පාරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංෂ ආනයනය කිරීමට සහ සහන මිලකට ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

එමෙන්ම, කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත තත්ත්වයට පත්වන ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

එම පියවරවලට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes