General12 December 2020

හර්ෂල් ගිබ්ස්ට කලම්බෝ කිංග්ස් ප්‍රධාන පුහුණුකරු තනතුර අහිමි වෙයි

කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් එම තනතුරෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

එම කණ්ඩායම නියෝජනය කරන සුපිරි විදෙස් තුන්ඉරියව් ක්‍රීඩකයෙකු සමඟ ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හර්ෂල් ගිබ්ස් මෙවර ලංකා ප්‍රිමිය ලිග් තරඟාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට පැමිණිය ද පසුව ඔහු කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණා.

මේ හේතුවෙන් එම කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

තරඟාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම සහභාගී වූ අවසන් තරඟ දෙකකේදී හර්ෂල් ගිබ්ස් දක්නට ලැබුනේ නැහැ.
 
මේ අතර තරඟාවලියට අදාළව ඊයේ පැවති පළමු වටයේ අවසන් තරඟයෙන් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පරදවා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට කලම්බූ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

Related recommendation
Hiru TV News | Programmes