General13 March 2021

"ජමාතේ ඉස්ලාමි" සංවිධානයේ හිටපු සභාපති හාජුල් අක්බාර් අත්අඩංගුවට (වීඩියෝ)

ජමාත් - ඊ - ඉස්ලාමී සංවිධානයේ හිටපු ප්‍රධානී රෂීඩ් හජ්ජුල් අක්බාර් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, වහබ්වාදය ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ජමාත් - ඊ - ඉස්ලාමී සංවිධානයේ හිටපු ප්‍රධානී රෂීඩ් හජ්ජුල් අක්බාර් මවුලවි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේදීයි.

60 හැවිරිදි රිෂාඩ් අක්බාර් වසර 24 කට අධික කාලයක් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව 2019 වසරේ අගෝස්තු 25 වෙනිදි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රිෂාඩ් අක්බාර් පළමු වරට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළා.

ඒ, මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වූ සාදික් සහ ෂහීඩ් ජමාත් - ඊ - ඉස්ලාමී සංවිධානයේ සාමාජිකයන් වීම හේතුවෙන්.

එමෙන්ම අක්බාර් මවුලවි සාදික් සහ ෂහීඩ්ගේ පියාගේ සහෝදරයාද වනවා.

සහරාන් ඇතුලු අන්තවාදීන් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව සාදික් සහ ෂාහීඩ් මාවනැල්ල ප්‍රදේශයෙන් පලා ගොස් වෙළෙඳ සැලක් තුළ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු අක්බාර් මවුලවිවරයාගේ ඥාතියෙකුගේ බවට ද පසුව අනාවරණ වුණා.

අත්අඩංගුවට පත් වූ රිෂාඩ් අක්බාර් මවුලවිවරයා මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දීම සඳහාද කැඳවා තිබුණා.








Related recommendation
Hiru TV News | Programmes