General26 March 2021

යාපනය දිස්ත්‍රික් TNA මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ නිවසට මැර ප්‍රහාරයක් (ඡායාරූප සහ වීඩියෝ)

යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට පිහිටා ඇති TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ නිවසට අද පස්වරු 1.40ට පමණ යතුරුපැදිවලින් පැමිණි කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මේ සඳහා යතුරුපැදි 4කින් පුද්ගලයින් 8 දෙනෙකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පහරදීම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට තුවාල සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.




Related recommendation
Hiru TV News | Programmes