මෙරට කොරෝනා වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වූ දෙවන කොරෝනා රැල්ලේදී දැඩි කථාබහකට ලක්වූ ධම්මික පැණිය කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවට සායනික පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධ පිළිබද සොයාබැලීමට පත්කළ විද්වත් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සදහන් කළා.
කොරෝනා මර්දනය කිරීමට යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් පැණියත් නිපදවුයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදියි.
එය ප්‍රචාරය වීමත් සමඟ පැණිය පිළිබද සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා.
ධම්මික පැණිය ලබාගැනීම සදහා විශාල පිරිසක් නිරෝධායන නීති ද උල්ලංඝනය කරමින් කෑගල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසට රැස්වුයේ ඒ අනුවයි.
මෙවැනි නිර්දේශීත නොවන ඖෂධ පානය කිරීම සුදුසු නොවන බවට විවිධ සෞඛ්‍ය විශේෂඥයින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේද ඒ අතරතුරයි.
කෙසේ වෙතත්, එම උපදෙස් නොතකා ජනතාව විශාල වශයෙන් පැණිය සොයා ඒමෙන් උත්තේජනය ලැබූ ධම්මික බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුට ද පැණිය ලබා දුන්නා.
ඉන් නොනැවතුණු ඔහු අනුරාධපුර ජය ශ්‍රී මහබෝධින් වහන්සේටද පැණිය පුජා කරමින් මහා සංඝරත්නය වෙතද පුජා කිරීමට උත්සහ කළා. කෙසේ වෙතත්, ඒ වන විට මෙම පැණිය කොරෝනා සදහා සුදුසුදැයි පරීක්ෂා කිරිම සඳහ සායනික පරීක්ෂණවලට යොමුකර තිබුණා.
ඒ, කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධ පිළිබද සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේයි.
මහාචාර්ය සිසිර සිරිබද්දන, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය සරත් ලේකම්වසම්, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසුරිය, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය රජිත වික්‍රමසිංහ, මහාචාර්ය අංජන සිල්වා, වෛද්‍ය ස්වර්ණා කළුතොට සහ විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය යන විද්වතුන් එම කමිටුවට ඇතුළත් වුණා.
පැණිය සායනික පරීක්ෂණය සදහා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම කමිටුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත මෙත්සිරිසෙවන සහ නොච්චියාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණා.
එහිදි සායනික පරීක්ෂණය සඳහා කොරෝනා ආසාදිතයින් 128 දෙනෙකු යොදාගැනීමට අවශ්‍ය වුවද ඒ සදහා ඉදිරිපත්ව සිටියේ රෝගීන් 68 දෙනෙකු පමණයි.
ඒ අනුව ඒ අතරින් 31 දෙනෙකු සදහා ධම්මික පැණිය ලබාදුන් අතර ඉන් 37 දෙනෙකු සදහා සාමාන්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරුනා. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ දින 04කට පසු ධම්මික පැණිය ලබා ගත් 05 දෙනෙකු සහ සාමාන්‍ය ප්‍රතිකාර ලබාගත් 05 දෙනෙකු සුවය ලැබු බවයි.
ඒ අනුව සුව වුවන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස වෙනසක් නොවන බව නිරීක්ෂණය වී තිබෙනවා.
එමෙන්ම දින 04 කට පසුව සිදුකළ පරීක්ෂණයේදි හෙළිව ඇත්තේ ධම්මික පැණිය සහ සාමන්‍ය ඖෂධ ලබාගත් රෝගීන්ගේ ජෛව රසායනික මිනුම අතර වෙනසක් නොමැති බවටයි.
එ හේතුවෙන් මෙම පැණිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම අවශ්‍ය නොවන බවටයි විද්වත් කමිටුව මතය වී ඇත්තේ. ඒ අනුව විද්වත් කමිටුව සිය වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.
එමගින් විද්වත් කමිටුව පෙන්වා දි ඇත්තේ ධම්මික පැණිය කොරෝනා වෛරසයට එරෙහි කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවයි.
මෙම පැණිය යහපත් ප්‍රතිඵල පෙන්නුම් නොකලද දේශිය ඖෂධ සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යනයන් වඩා විධිමත්ව ඉදිරියට සිදුකරන බවද විද්වත් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා පවසන්නේ මෙලෙස විද්වත් කමිටුව මගින් පැණිය සාර්ථක නොවන බවට ඉදිරිපත් කර ඇති වාර්තාව තමන් පිලිනොගන්නා බවයි.
සායනික පරීක්ෂාවෙන් අසමත් වූ අදාළ පැණිය, ධම්මික බණ්ඩාර නැමැත්තා කෑගල්ලේ නිවසේ අලෙවි කරන බව වාර්තා වනවා. පැණි බෝතලයක මිල රුපියල් 10,000ක් වන අතර බෝතල් කාලයක් අලෙවි කරන්නේ 2500කටයි.

Latest News
ලෝක අලි දිනය අදයි
Local
12 August 2026
විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තියයි: විපක්ෂ නායක සජිත්
Local
12 August 2026
පැය දෙකකට පසු යෝෂිත CIDයෙන් පිටව යයි
Local
12 August 2026
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් පසුගිය වසරේ සිවිල් වැසියන් 153ක් මරුට: පෙන්ටගනය කියයි
Local
12 August 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 25 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
12 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද 339.03
Local
12 August 2026
පුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයන් සිව් දෙනෙක් ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වැලිකන්දේදී අත්අඩංගුවට
Local
12 August 2026
කල්පිටියේදී වල්ලමක් පෙරළී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
12 August 2026
වසර 27කට පසු බ්‍රිතාන්‍යයට පෙනෙන හොඳම සූර්යග්‍රහණය අද
Local
12 August 2026
අක්කරපත්තු ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙක් අල්ලස් දැලේ
Local
12 August 2026