ගුරු - විදුහල්පති විරෝධතා රථ පෙළපාලියට සහභාගිවී නැවත යමින් සිටියදී අත්අඩංගුවට ගත් හතළිස් හතරදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිසට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කිසිවෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන නැහැ.
වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දැනට ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනයක නිරතව සිටින ගුරු විදුහල්පතිවරුන් ඊයේ මාර්ග හතරක් ඔස්සේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණියා.
ජනාධිපති කාර්යාලය ඉදිරියට පැමිණි මොවුන් පසුව එහි විරෝධතාවක නිරතවුණා. ඔවුන් විසිර ගියේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.
මේ අතර විරෝධතාව අවසන් කර නැවත යමින් සිටියදී 44 දෙනෙකු වාහන 10 කුත් සමඟ පොලිසිය අත්අඩංගුවට ගත්තා.
මොවුන් අතර ගුරුවරුන් 22 කු, ගුරුවරියන් 16 දෙනෙකු සහ පිටස්තර පුද්ගලයින් හයදෙනෙකුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
අත්අඩංගුවට ගත් පිරිස කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ඊයේ මහනුවර නගරයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඔවුන් ලබන සඳුදා කොළඹට ළඟාවීමට නියමිතයි.

Latest News
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026