General13 August 2021

ස්වයං නිද්‍රාවට පත් වන කොළඹ නගරය (ඡායාරූප)

මේ අද උදෑසන කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන ගමනාගමනය සහ මහජනතාව ගැවසෙන අයුරු අප කැමරා ලෙස ගැට නෙත ගැටුණු අයුරුයි.

පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රට වසා දැමිය යුතු බවට වෛද්‍ය අංශ ඇතුළු බොහෝ පිරිසක් රජයට බළ කරමින් සිටිනවා.

කෙසේවෙතත් මෙම ඡායාරූප පෙන්වා දෙන්නේ සියල්ලට පෙර තමන් ආරක්ෂා විය යුතු යන අරමුණ පෙරදැරි කරගෙන නගර වැසියන් විසින් ම ස්වයං වාරණ පනවා ගෙන ඇති අයුරුයි.

වෙනදා බොහෝ කාර්යබහුල මං මාවත් බොහොමයක අද දිනයේ රථ වාහන සහ මහජනතාවගේ කැපීපෙනෙන අඩුවක් දක්නට ලැබුණා.

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වල වළකින ලෙසට සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම කරණ ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති අයුරුයි මෙම ඡායාරූප සමීපව නිරීක්ෂණය කිරීමේ දී දක්නට ලැබෙන්නේ.

මේ අතර ඊයේ දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලෝක සෞඛ්‍ය සංවිධානය බාරදුන් වාර්තාවක දැක්වුණේ කොළඹ නගරයේ ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව ඉතාම අධික වේගයකින් ඉහළ යන බවයි.

මීට පෙර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අණුක විද්‍යා විශේෂඥයකු වන වෛද්‍ය චන්දිම ජීවන්දර ද කොළඹ නගරයේ ඩෙල්ටා ආසාදිතයින්ගේ සීඝ්‍ර ඉහළ යෑම වාර්තාවක් මගින් පෙන්වා දී තිබුණා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ පසුගිය මාසයේ මුල් සතිය සහ අග සතියේ අතර කාලය තුළදී කොළඹ නගරයේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් 90%ට වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ආසාධිතයින් බවයි.

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන අනවශ්‍ය ගමන් බිමන් සීමා කර කොළඹ නගරය මිනිසුන් විසින්ම යම් තරමකට හෝ හුදකලා කිරීම නගර වැසියන්ගේ හෙට දවසේ සෞඛ්‍යයට යහපත් පණිවිඩයක්.


Related recommendation
Hiru TV News | Programmes