General13 August 2021

“රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ” - රාජ්‍ය ඇමති චන්න ජයසුමන (වීඩියෝ)

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් ඉදිරියේදී සංචරණ සීමා දැඩි කිරීමක් සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.


Related recommendation
Hiru TV News | Programmes